අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

May 15, 2025   08:41 am

අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු යක්කල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යක්කල පොලිස් වසමේ සිදුවූ ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය, වරපලාන  ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (14) දිනයේ  යක්කල පොලිස් ස්ථානයේ, අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 27 ක් වන වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ලැප් ටොප් 05 ක් හා ජංගම දුරකථන 02 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.