දෙරණ 24 පැයේ මහා බත් දන්සල අද රාත්‍රි 7 දක්වා 

දෙරණ 24 පැයේ මහා බත් දන්සල අද රාත්‍රි 7 දක්වා 

May 13, 2025   09:43 am

දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන 24 පැයේ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල මේ වනවිටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

දෙවන වරටත් සංවිධාන කර ඇති මෙම බත් දන්සල ඊයේ (12) රාත්‍රී 7ට ආරම්භ වූ අතර එය අද රාත්‍රි 7.00ට අවසන් වීමට නියමිතය.

දෙරණ මාධ්‍ය ජාලය දෙවන වරට මෙම මහා බත් දන්සල සංවිධානය කරන අතර මේ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව දෙරණ මාධ්‍ය ජාලය සමග එක් විය.

ඊයේ දහවල් සිටම දන්සලට සහභාගී වීම සඳහා අතිවිශාල ජනතාවක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට එක්ව සිටිනු දක්නට ලැබුණි.