ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

May 7, 2025   11:54 am

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.