පුංචි ඡන්දයේ ප්‍රතිඵලය එසැණින් ගෙන එන්න මෙවරත් දෙරණ සූදානමින්

පුංචි ඡන්දයේ ප්‍රතිඵලය එසැණින් ගෙන එන්න මෙවරත් දෙරණ සූදානමින්

May 5, 2025   09:22 pm

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙරට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගනිමින් අති සාර්ථක මැතිවරණ විකාශයක් ගෙන ආ පරිද්දෙන්ම හෙට (06) පැවැත්වීමට නියමිත 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ සියලු තොරතුරු අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වා, එසැණින් ගෙනඒමට දෙරණ මාධ්‍ය ජාලය මේ වන විට සියල්ල සූදානම් කර තිබේ.

මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙන ඒමට නියමිතව ඇත්තේ 'SRI LANKA DECIDES' විශේෂ මැතිවරණ විකාශය ඔස්සේයි.

2025 පළාත් පාලන ඡන්ද විමසීම හෙට උදෑසන 07 ට ආරම්භවන අතර ඒ මොහොතේ සිට මෙරට ජනතාවගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වූ අද දෙරණ විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ එහි සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට දෙරණ මාධ්‍ය ආයතනය මේවන විට සියලු කටයුතු සූදානම්කර අවසන් ය.

හෙට පෙරවරු 6.30ට දෙරණ අරුණ වැඩසටහන සමග ඡන්ද විමසීමේ තොරතුරු ගෙන ඒම ආරම්භ වන අතර උදෑසන 08 සිට ටීවී දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ 'SRI LANKA DECIDES'විශේෂ මැතිවරණ සජීවී විකාශය අඛණ්ඩව ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට නියමිතය.

දිවයින පුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලය සහ රටේ සියලු දිස්ත්‍රික්වල ස්ථානගත කර සිටින අද දෙරණ නිෂ්පාදන කණ්ඩායම් ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඡන්ද වීමසීමේ දර්ශන ඇතුළු සියලු දත්ත සහ තොරතුරු හෙට දිනය පුරා ඔබවෙත ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව දකුණු ආසියාවේ විශාලතම ප්‍රවෘත්ති මැදිරියේ සිට අති නවීනතම තාක්ෂණය සහ ග්‍රාෆික සජීවීකරණ ක්‍රමවේද උපයෝගී කරගනිමින් විදෙස් විශේෂඥ කණ්ඩායම් රැසක තාක්ෂණික සහායද සමඟ අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලි තිරය මත දිගහැරෙන්න්නේ අසමසම ලෙසිනි.

ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී  FM දෙරණ, WWW.ADADERANA.LK වෙබ් අඩවිය , අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම මැතිවරණයේ සියලු යාවත්කාලීන තොරතුරු ගෙන ඒමට නියමිත අතරම  අද දෙරණ FACEBOOK, YOUTUBE, TIKTOK සහ X අවකාශය ඔස්සේද මැතිවරණයේ නිල ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්.

ඒ අනුව හෙට පස්වරු 6 සිට ඔබට 'SRI LANKA DECIDES' විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශයත් සමඟ එක්විය හැකිය.

ඉකුත් ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ ඔබට ප්‍රතිඵල ගෙනආ පරිද්දෙන්ම අවසන් ප්‍රතිඵලය දක්වා සියලු මැතිවරණ තතු ඔබට මෙලෙස මාධ්‍ය කිහිපයක් ඔස්සේ එසැනින් ගෙන ඒමට අද දෙරණ මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.