සූදානම...

සූදානම...

May 5, 2025   03:43 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ සිට ආරම්භ කළේය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස්හයදහස් තුන්සිය තිස්අට දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.

ඉහත දැක්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සකස් කරන අතරවාරයේ ගත් ඡායාරූපයකි.

(ඡායාරූප - ඔසඳ දහම් නිම්සර)