ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්
May 3, 2025 07:49 pm
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවය.
මේ හේතුවෙන් ඇතිවන අකුණු සමග සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.