කැනේඩියානු මහ මැතිවරණ ජය මාර්ක් කාර්නිට
April 29, 2025 11:17 am
කැනේඩියානු මහා මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබේ.
ඒ කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්නිගේ ලිබරල් පක්ෂයට පරාජය පිළිගැනීමත් සමගය.
මේ වනවිට ඡන්ද තවමත් ගණන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 164ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 147ක් ලබා ගෙන ඇත.
කුඩා පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට ඉඩ සලසන බහුතරයක් සඳහා ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් 172ක් දිනා ගැනීමට අවශ්‍ය වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සම්බන්ධයෙන් පළකර ඇති ප්‍රකාශ පිළිබඳව කැනේඩියානු ජනතාව අතර ඇති විරෝධය කැනේඩියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, එය හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ කාර්නිගේ ජයග්‍රහණයට රුකුලක් වූ බව වාර්තා වෙයි.