පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට
April 27, 2025 04:49 pm
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ.
එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇත්තේ උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට යෙදෙන 'ෆ්‍රැන්සිස්කස්' නම් වදන පමණයි.
පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සම්බන්ධ අවමංගල දේව මෙහෙය ඊයේ (26) වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැත්වුණි.
ඒ ලෝක නායකයින් ඇතුළු දෙලක්ෂ පනස් දහස ඉක්මවූ පිරිසකගේ සහභාගිත්වයෙනි.
උන් වහන්සේගේ දේහය ඉන් අනතුරුව රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට ගෙන ගොස් එහි තැන්පත් කෙරුණේ උන් වහන්සේගේ අවසන් කැමැත්ත පරිදිය.