අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි හරක් කටා භාරයේ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි හරක් කටා භාරයේ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

April 26, 2025   06:59 pm

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබේ.

ඔහු අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකතනය ඔහුට ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ සමග සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්‍රතිවාදීන් බියෙන් පසුවන බවද වාර්තා වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබේ.