උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

April 26, 2025   04:07 pm

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (27) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (27) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, උතුරු-මැද පළාත් සහ මොනරාගල, හම්බන්තොට, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.