රනිල් සඳුදා අල්ලස් කොමිසමට
April 25, 2025 11:57 am
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහාය.