ලෝක නායකයින්ගේ සහාය ඉන්දියාවට
සයුරෙන් එතෙර

ලෝක නායකයින්ගේ සහාය ඉන්දියාවට

April 25, 2025   09:30 am

ජම්මු - කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හෙළාදැක තිබේ.

එමෙන්ම සිවිල් ජනතාවට එරෙහි ප්‍රහාර කිසිදු තත්ත්වයක් යටතේ පිළිගත නොහැකි බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර ඇත.

මේ අතර යුරෝපා සංගමය ද ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් ඉන්දියාව බිඳ දැමීමට නොහැකි වනු ඇති බවය.

මෙම පීඩාකාරී තත්ත්වයේදී ඉන්දියාව තවත් ශක්තිමත් වනු ඇති බවත් යුරෝපා සංගමය ඉන්දියාව සමග සිටින බවත් සඳහන් කර ඇත.