වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන්
April 22, 2025 11:07 am
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ.
ඒ අනුව ඊළග පාප් වහන්සේ තොරාගන්නා තෙක් කැමරලෙන්ගෝවරයා ලෙස ෆැරල් කාදිනල් හිමිපාණන් කටයුතු කරනු ඇත.
1947 දී ඩබ්ලින් හි උපත ලැබූ ෆැරල් කාදිනල් හිමිපාණන්, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලයට සහ රෝමයේ ග්‍රෙගෝරියන් පොන්ටිෆිකල් විශ්විද්‍යාලයට ඇතුළත් වූ බව වතිකානුව පවසයි.
ඔහු ලොව පුරා පල්ලිවල තනතුරු දරා ඇති අතර, මෙක්සිකෝවේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලයේ දේවගැතිවරයෙකු ලෙස මෙන්ම මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හි පල්ලියක ද සේවය කර තිබේ.
එමෙන්ම පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පසු නව පාප්වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ දින 15යි 20යි අතර කාලයකින් පසුවය.
දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනාගෙන් සුදුසුකම් ලැබූ 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරා ගැණෙනු ඇත.
මේ අතර ස්වර්ගස්ථ වු ශුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැලසුම් කිරීම සඳහා ලොව පුරා සිටින කාදිනල්හිමිවරු රැස්ව තිබේ.
ඒ සඳහා කාදිනල්හිමිවරුන් වතිකානුව වෙත කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.