සිරි දළදා වන්දනාව දෙවැනි දිනට අවසන් - සැදැහැවතුන් විශාල පිරිසක් මහනුවරට
April 19, 2025 06:27 pm
"සිරි දළදා වන්දනාව" අද (19) පස්වරු 05.30ට දෙවන දිනට අවසන් කෙරිණි.
"සිරි දළදා වන්දනාව" අද දහවල් 12.00ට ආරම්භ වූ අතර අද දිනයේදීද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් මහනුවර නගරයට එක් රැස් ව සිටිහය.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දළදා මාලිගයට ඇතුල් වීමට ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දී ඇති අතර එම මාර්ග තුනේම අතුරු සිදුරු නොමැතිව සැදැහැවතුන් එක් රැස්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
දළදා ප්‍රදර්ශනය ඊයේ දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඊයේ දිනයේදීද විශාල පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගෙන තිබේ.