උණුසුම් කාලගුණය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්
April 14, 2025 07:40 pm
උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය.
ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.