පොළොන්නරුවේ වල්බිහිවෙන ජල ව්‍යාපෘතිය
April 14, 2025 05:14 pm
රුපියල් මිලියන 1200ක් වැයකර වසර 9ක් මුළුල්ලේ ජනතා අයිතියට පත්කිරීමට නොහැකි වූ පානීය ජල ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු මැදිරිගිරිය, නබඩවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය, මිලදී ගැනීමට සිදුව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, මහවැලි D කලාපයේ බීසෝපුර ප්‍රදේශයේ මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භකර ඇත්තේ 2016 වසරේදීය.
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 14ක වෙසෙන පවුල් 7,500කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් ඉදිකිරීම් අරඹා වසර 9ක් ගතවී ඇතත් අද වනවිටත් මෙම පානීය ජල ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට බලධාරින් අපොහොසත් වී තිබේ.
ව්‍යාපෘතිය වෙනුවෙන් රැගෙන ආ නල මාර්ග අයිනේ ගොඩගසා තිබෙන ආකාරය අදටත් දැකිය හැකිය.
එමෙන්ම දැනටමත් ඉදිකර අවසන් විශාල ජල ටැංකිය සහ ගොඩනැගිලි මේ වනවිට වල් බිහිවී වීනාශ වෙමින් පවතියි.
මෙම පානීය ජල ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් 2022 වසරේදී පිරිපහදු කළ ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණද, එයද මේ වනවිට වනඅලි විනාශ කර තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට පානීය ජලය සපයා ගැනීමට සිදුව ඇත්තේ වැව්වලින්ය.
නිවාස ඉදිරිපිට ජල ටැංකි ලබාදී ඒවාට ජලය පිරවීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ මහවැලිය එක්ව පියවර ගත්තද එම කටයුත්තද අඛණ්ඩව ප්‍රමාණවත් පරිදි සිදුනොවන බව ප්‍රදේශවාසීන් පවසයි.