චීනයට සුළි සුළං
සයුරෙන් එතෙර

චීනයට සුළි සුළං

April 13, 2025   09:39 am

උතුරු චීනයට සහ බීජිං නුවරට ඊයේ (12) බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර දුම්රිය සේවා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඊයේ (GMT 03:30) වන විට, බීජිං අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකෙහි ගුවන් ගමන් 838 ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සති අන්තය පුරාවටම සුළඟේ වේගය පැයට කිලෝමීටර 150ක පමන අගයක් පවතිනු ඇති අතර බව සඳහන් වේ.

මෙ හේතුවෙන් මිලියන ගණනකට සිය නිවසර වී සිටින ලෙසට බලධාරීන් ඉල්ලා සිට ඇති අතර එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, "කිලෝග්‍රෑම් 50 ට අඩු බරැති පුද්ගලයින් පහසුවෙන් ගසාගෙන යා හැකි" බවටය.

ආකර්ශනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇති අතර ගුවන්තොටුපළේ අධිවේගී උමං මාර්ගය සහ සමහර අධිවේගී දුම්රිය මාර්ග ඇතුළු දුම්රිය සේවා අත්හිටුවා ඇති බව වාර්තාවේ.

වාහන ගණනාවකට හානි සිදු වූ නමුත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු ව නොමැති බව සඳහන් වේ.

වසර 10කට පමන පසු "තද සුළං" සඳහා පළමු තැඹිලි අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

චීන කාලගුණ විද්‍යා පරිපාලනයට අනුව මෙම පවතින් තත්ත්වය "බරපතල හානියක්" ඇති කළ හැකි අතර එම තත්ත්වය වැඩි වුවහොත් "දැඩි විනාශයක්" ගෙන දිය හැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ දී පවතින තත්ත්වය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.