මැතිවරණ නීති උල්ලංඝනය හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉහළට

April 10, 2025   11:40 am

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 128ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (09) දිනයේ ද අපරාධමය පැමිණිලි දෙකක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බවය.

එම සිදුවීම් වලට අදාළව දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 13 දෙනෙකු සහ ආධාරකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරට ගෙන තිබේ.