චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්

April 9, 2025   04:44 pm

චීනයේ ඊසානදිග හෙබෙයි වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිහිටි නිවාසයේ අයිතිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.