රුසියාව වෙනුවෙන් සටන් කළ චීන සෙබළුන් යුක්‍රේන අත්අඩංගුවට
සයුරෙන් එතෙර

රුසියාව වෙනුවෙන් සටන් කළ චීන සෙබළුන් යුක්‍රේන අත්අඩංගුවට

April 9, 2025   01:21 pm

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදුණු චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ චීන ජාතිකයින් රැසක් රුසියානු හමුදාව වෙනුවෙන් සටන් වදින බවය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් යුක්‍රේන ආරක්ෂක සේවය යටතේ පසුවන අතර යුක්‍රේනයේ චීන නියෝජිතයින් ද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් චීනයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවය.

රුසියාව සහ චීනය මෑතකාලීනව ඔවුන්ගේ සීමා රහිත හවුල්කාරිත්වය සහ දේශපාලන, මිලිටරි සහ ආර්ථික සහයෝගීතාව තර කරගෙන ඇති බවටද චෝදනා කරයි.