ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි
April 9, 2025 12:39 pm
සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත "ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029" එළිදැක්වීම කොළඹදී අද (09) සිදුකෙරුණි.
එම ජාතික සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිළිගන්වනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති , හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා විසින්ය.