සංශෝධිත පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය
April 8, 2025 05:05 pm
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
ඒ අනුව රජයේ පාර්ශ්වය විසින් ලබා දුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් S.C. (SD) 05/2025 සහ S.C. (SD) 06/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන නොයෑමට තීරණය කර ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබානොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.