කොළඹ පළාත් පාලන ආයතන 04ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි
April 7, 2025 09:38 pm
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද (07) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ඒ කොලොන්නාව, බොරලැස්ගමුව, සීතාවක පුර නගර සභා තුනක් සහ සීතාවක ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන 04 සඳහාය.
ඒ අනුව කෙලොන්නාව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 268ක්ද, සීතාවක නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 503ක්ද, බොරලැස්ගමුව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 647ක්ද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා ජන්ද පත්‍රිකා 3562ක් වශයෙන් අද දින මෙම පළාත් පාලන ආයතන 04 සඳහා ජන්ද පත්‍රිකා 4,980ක් නිකුත් කිරිම සිදුවිය.
මැයි මස 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන 13 ක් සඳහා තැපැල් ජන්ද දායකයින් 30,530 ලියාපදිංචි වී තිබේ.