කෝටි 8කට අධික දුම්වැටි තොගයක් සමග සිව් දෙනෙකු කටුනායකදී අල්ලයි
April 7, 2025 03:36 pm
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (07) උදෑසන මෙම මගීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 26, 28, 35 හැවිරිදි වියේ පසුවන අයබවද රේගු නිලධාරීන් පවසයි.
මෙහිදී ඔවුන් විසින් ගෙන ආ දුම්වැටි 560,000ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 8කට අධික බවද රේගු නිලධාරීන් පැවසීය.
මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව රේගු නිලධාරීන් වැඩිදුරට විමර්ශන කටයුතු සිදුකරති.