නාමල් CIDයෙන් පිටව යයි

නාමල් CIDයෙන් පිටව යයි

April 7, 2025   11:40 am

අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති සිය මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ මහතාව කැඳවා තිබුණි.