දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින තීන්දුයි

දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින තීන්දුයි

April 7, 2025   09:50 am

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබේ.

එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි.