මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිල්ලක්
March 31, 2025 11:46 am
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව ඊයේ (30) දිනයේ දී කළුතර පොලිස් කොට්ඨාසයේ අඟලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ද පැමිණි 5ක් වාර්තා වී තිබේ.
එම පැමිණිලි, තලාතුඔය, තණමල්විල, අලුත්ගම, මාතලේ සහ ගලේවෙල යන පොලිස් වසම්වලින් වාර්තා වී ඇත.