සයුරෙන් එතෙර
චිලී ජනපති ඉන්දියාවට
March 28, 2025 12:31 pm
චිලී රාජ්‍යයේ ජනාධිපති දින 5ක රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඔහුගේ එම සංචාරය අප්‍රේල් මස 01 වනදා ආරම්භ වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
වෙළෙඳාම සහ ආරක්‍ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දියාව නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව චිලී නායකයා ඉන්දියාවට පැමිණෙන බව මෙම සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.