පානදුරෙන් ඇල්ලූ හෂීෂ් තොගයෙන් මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු මතුවෙන ලකුණු
March 28, 2025 09:52 am
රුපියල් ලක්ෂ 75කට ආසන්න වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අළුබෝමුල්ල ප්‍රාදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් මත පානදුර පාලම ආසන්නයේදී සැකකරු පරීක්ෂා කිරීමේදී පොලිතීන් බෑගයක සඟවාගෙන සිටී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 870ක්, ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක් සොයාගත් බව පොලීසිය පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය විදෙස් රටක සැඟව සිටින බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති බවත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවත් පොලීසිය තවදුරටත් සඳහන් කරයි.
ඒ අනුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරී ඩබ්. ඩී. පී. ක්‍රිෂාන්ත, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව යන නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.