ඉන්දියාව ලොකුම කිරි නිෂ්පාදකයා වෙයි
සයුරෙන් එතෙර

ඉන්දියාව ලොකුම කිරි නිෂ්පාදකයා වෙයි

March 27, 2025   03:19 pm

ඉන්දියාවේ වර්තමාන කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 239ක් බවට පත්වීමත් සමග ඉන්දියාව ලොව ඉහළම කිරි නිෂ්පාදකයා බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගෝලීය කිරි නිෂ්පාදනයෙන් 24% කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ඉන්දියාවය.

ඉදිරි වසර පහ තුළ කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 300 දක්වා වැඩි කිරීමට ඉන්දියාවේ අපේක්ෂාව වෙයි. 

මෝදි රජය 2014දී ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ කිරි නිෂ්පාදනය සියයට 63.5 කින් ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසර 3 තුළ එය සියයට 15 කින් වැඩිකිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

රැකියා උත්පාදනය ගත් කළ කෝටි 10ක ජනතාවක් එම කර්මාන්තයෙන් යැපෙන අතර ඔවුන්ගෙන් 75% ක් කාන්තාවන් වෙයි.