සයුරෙන් එතෙර
බංග්ලාදේශ කාන්තාවන් රට පුරා විරෝධතාවල
March 26, 2025 02:09 pm
ස්ත්‍රී දූෂණ සහ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට විරෝධය පාමින් බංග්ලාදේශයේ කාන්තාවන් රට පුරා වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම වසරේ මුල් කාලසීමාවේ බංග්ලාදේශයේ කාන්තාවන් සහ ළමුන් 298 දෙනෙකු ලිංගික හිංසනයට ලක්වී ඇති බව පැවසෙයි.
මෙයින් ළමුන් 44 දෙනෙකු ඇතුළු කාන්තාවන් 98 දෙනෙකු දූෂණයට ලක්වී ඇති බවත් සඳහන් ය.
වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්, විශේෂයෙන්ම මැර ප්‍රචණ්ඩත්වය ද දේශපාලන අස්ථාවරත්වය හමුවේ රට තුළ ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිස ආවරණය කර නොසිටීම නිසා ඩකා විශ්වවිද්‍යාලය තුළදී ද ශිෂ්‍යාවකට හිරිහැර සිදුවී තිබුණි.
විරෝධතා සඳහා එක්වී සිටින කාන්තාවන් පවසන්නේ කාන්තාවන්ට එල්ලවන හිංසනයන්ට එරෙහිව බලධාරීන් කටයුතු කළ යුතු බවය.