දේශබන්දු රිමාන්ඩ්

දේශබන්දු රිමාන්ඩ්

March 19, 2025   02:11 pm

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.