තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව TV දෙරණ

තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව TV දෙරණ

March 19, 2025   06:12 am

වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාවට හිමි 2025 SLIM-KANTAR ජනතා සම්මානය මෙවරත් දිනා ගැනීම ටී.වී දෙරණ සමත් විය.

2025 SLIM-KANTAR ජනතා සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ පිහිටි හෝටලයක දී ඊයේ (18) රාත්‍රී පැවැත්වුණි.

එහිදී වසරේ ජනතා නිවේදකයාට හිමි ස්ලිම් කැන්ටා සම්මානය 8 වන වරටත් හිමි කර ගත්තේ චතුර අල්විස් විසින්ය.

2025 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේ ජනතා නළුවාට හිමි සම්මානය සජිත ඇන්තනී සහ හේමාල් රණසිංහ හිමි කරගත් අතර ජනතා නිළිය සම්මානය දිනා ගත්තේ මාලනි ෆොන්සේකා විසින්ය.

වසරේ ජනතාවගේ ගායකයා ලෙස චාමර වීරසිංහ සම්මාන දිනාගත් අතර වසරේ ජනතා ගායිකාව ලෙස සම්මානය ශෂිකා නිංසසලා විසින් හිමිකර ගත්තාය.