යුරෝපා සංගමයේ පිරිසක් ලබන සතියේ දිවයිනට

යුරෝපා සංගමයේ පිරිසක් ලබන සතියේ දිවයිනට

March 15, 2025   01:18 pm

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (15) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ ය.

මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.