බන්ධනාගාර බස් රථයක් අනතුරක - රැඳවියන් දෙදෙනෙකුට තුවාල
March 14, 2025 10:28 pm
බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, නාගොඩ පොලිස් වසමේ උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී අද (14) සවස අනතුර සිදුව තිබූ බවය.
අනතුරින් බස් රථයේ රැගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු, බස් රථයේ රියදුරු හා තවත් බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත් නැවත සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු නාගොඩ බද්දේගම හරහා ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණි.