කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

March 14, 2025   09:37 pm

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි මාර්ක් කාර්නි දිවුරුම් දී තිබේ.

ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.

ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් විය.

පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බව සඳහන් වේ.

හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය.

2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී  දේශපාන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.