සත්ව සංගණනයේ සැබෑ හේතුව හෙළිකරයි
March 13, 2025 02:05 pm
සත්ව සංගණනය සම්පුර්ණයෙන් නිවැරදි දත්ත ලබාගැනීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
අද දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහනට සහභාගී වෙමින් ඔහු පැවසුවේ මෙමගින් ලබාගන්නා දත්ත කෘෂිකාර්මික ඵලදාව වැඩි කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවය.
"ඇතැම් විට තවත් වටයකින් අපිට මේක බලන්න වෙයි. තව වෙලාවක් දාන්න වෙයි. යම් අදහසක් අපිට ගන්න පුළුවන් ඒත් 100%ක් නිවැරදි දත්ත එනවා කියලා කියන්න බැහැ. අනිවාර්යයෙන් මීට අදාළ දත්ත තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් රටක සත්තු පිළිබඳ අධ්‍යයනයක් කරන්න."
"ලොකු තාක්ෂණික ක්‍රමවේදවලට අපිට යන්න විදියක් නැහැ. ඒ තරමට අපි දියුණුවෙලා නැහැ. එහෙම කරන්න ලොකු වියදමක් යනවා. මෙකත් එක්ක කරන්නේ සහභාගීත්ව සමීක්ෂණයක්."
"සමහර විට අවශ්‍ය නැති අයටත් සමීක්ෂණ පත්‍රිකාව ලැබෙන්න පුළුවන්. අවශ්‍ය නැහැ කියලා පත්‍රිකාව නොදී ඉන්නත් බැහැ. ඒක හැමෝටම දෙන්න ඕනේ."