තීරණය කියන්න එජාපයෙන් සජබයට දුන් කාලය

තීරණය කියන්න එජාපයෙන් සජබයට දුන් කාලය

March 13, 2025   02:04 pm

කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරග කිරීමට සූදානම් නම් ඒ පිළිබඳ තීරණය ද මාර්තු 20 වනදාට පෙර ප්‍රකාශ කළ හැකි බවද දැනුම් දී තිබේ.