කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට
March 9, 2025 10:32 pm
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු වන යොහාන්, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 5වනදා කටුනායක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔහුව රැඳවුම් නියෝග මත සිදුකළ විමර්ශනයේදී පන්නල ඇලබලඩගම ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිත්තෝලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊට අමතරව පතරොම් ගැබයක් හා එහි ජීව උණ්ඩ 6ක්ද හමුවී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී, රොහාන් ඕළුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.