ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම
March 4, 2025 06:37 am
බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාත්‍රී (03) කාලයේ එම ඝාතනය සිදුකර ඇත්තේ, මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, පේතාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙකි.
මරණකරු එළවළු වෙළෙළෙමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදුකළ පහරදීමකින් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.