පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන දැනුම්දෙන්න

පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන දැනුම්දෙන්න

March 3, 2025   04:39 pm

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයින් මඟහැර ධාවනය කරන ලංගම රියදුරන් සම්බන්ධයෙන් දැනුම්දීමට කෙටි දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එවැනි රියදුරන් සම්බන්ධයෙන් "1958" යන කෙටි දුරකතන අංකයට දැනුම්දිය හැකි බවය.

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර ඇති පුරවැසියන් මඟහැර ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් ප්‍රවාහන මහමාර්ග වාරය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ පැවති සාකච්ඡාවේදී බිමල් රත්නායක අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

අදාළ රියදුරන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බවත් මේ පිළිබඳව ලංගම රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.