මාලදිවයින් කතානායකවරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක් 

මාලදිවයින් කතානායකවරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක් 

March 1, 2025   04:09 pm

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මාලදිවයිනේ කතානාවකවරයා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ.

මාලදිවයින් පාර්ලිමේන්තුවේදී අදාළ හමුව සිදුව ඇති අතර එහිදී ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ලොක් සාම සම්මේලනයට සහභාගී වන ලෙස මාලදිවයින කතානායකවරයාට පැසිෆික් කලාපයේ සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ වර්තමාන සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ආරාධනාවක් ද සිදුකර ඇත.

එම ආරාධනාව සුහදව පිළිගත් මාලදිවයින කතානායකවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලයේදී මාලදිවයින වෙනුවෙන් ලබා දුන් සහයෝගයට ස්තූතියද පිරිනැමීය. 

එමෙන්ම සෑම විටම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන මිත්‍රත්තවය සහ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා ඇතුළු සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සලයේ නියෝජිතයින් සහ  මාලදිවයින් කතානායකතුමාගේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.