ලොරි රථයක් හා බස් රථයක් ගැටේ - 33ක් රෝහලට

ලොරි රථයක් හා බස් රථයක් ගැටේ - 33ක් රෝහලට

March 1, 2025   03:34 pm

මූතූර් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 33දෙනෙකු තුවාල ලබා තිබේ.

වන්දනාකරුවන් රැගත් බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

අනතුරින් බස් රථයේ සිටී පුද්ගලයින් 33දෙනෙකු තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවන් 18දෙනෙකුද ඒ අතර වන බව වාර්තා වෙයි.

බස් රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.