අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායකගෙන් ජනපති අනුරට තුති

අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායකගෙන් ජනපති අනුරට තුති

March 1, 2025   03:27 pm

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධව තමන් ප්‍රශංසා කරන බව අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් පවසයි.

ජපානයේදී පැවැති හමුවකදි අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ ශ්‍රී ලංකාවේ පොලීසියට අභිනවයෙන් පත්වී ඇති වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඉතා පිරිසිදු නීතිගරුක එඩිතර පුද්ගලයින් වන බවය.

මේ හේතුවෙන් රටේ සියලු පුරවැසියන්ට යහපත් නීතියක් ගෙන ඒමට හැකියාව ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.