නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය යළි සාකච්ඡා 
සයුරෙන් එතෙර

නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය යළි සාකච්ඡා 

February 25, 2025   09:39 pm

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ යළිත් සාකච්ඡා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාදෙන මෙම ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා දියුණු මට්ටමක පවතින බව ඉන්දීය පාර්ශ්වය අනාවරණය කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් නවදිල්ලියේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා හමුවී තිබේ.

වසර 10ක කාලයක් තුළ ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම තුන් ගුණයකින් වැඩි කිරීම මෙම ගිවිසුමේ අරමුණ වෙයි.

කෙසේවෙතත්, එවැනි ගිවිසුමක් අවසන් වන්නේ කවදාදැයි කාලරාමුවක් හෝ දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.