පොලිස් වෙඩිතැබීම් ගැන නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
February 25, 2025 03:04 pm
අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට පිළියම් යෙදීමට අනීතික ලෙස පුද්ගලයින් ඝාතනය කිරීම කිසිවිටෙකත් විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට අපරාධ මැඩපැවැත්විය හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කළේය.
නිවේදනයක් නිකුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව අවධාරණය කර තිබේ.
පසුගියදා පොලිස් වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියයෑමට හේතු වූ තත්වයන් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම අනාගතයේදී මෙවැනි ඝාතන සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් එම සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම නිවේදනය පහතින්,