සිදු වූ පාතාල ක්‍රියාවන් ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

සිදු වූ පාතාල ක්‍රියාවන් ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

February 22, 2025   01:59 pm

මෑතකාලීනව සිදුවු පාතාල ක්‍රියාකාරකම් එක් කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකරන ක්‍රියාවන් බව මේවනවිට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහජන ආරක්ෂාව පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ සෑම වෙඩි තැබීමක් සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බවය.

"රටේ ජනයාගේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳව අපි වගකීමක් දරනවා කිසිදු බිඳ වැටීමකට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම සංවිධානාත්මක කණ්ඩායමක් මේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න කිරීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා."