සයුරෙන් එතෙර
මෝදි අමෙරිකාවට
February 13, 2025 04:41 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවට පැමිණ තිබේ.
ඒ" දෙදින නිල සංචාරයක් සඳහාය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිය සංචාරයේදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු රජයේ ඉහළ නියෝජිතයින්, ව්‍යාපාරිකයින් මෙන්ම එරට සිටින ඉන්දීය ප්‍රජාව ද හමුවීමට නියමිතය.
එමෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ද මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි හමුවීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස අමෙරිකාවට පැමිණ සිටින්නේ සිය තෙදින ප්‍රංශ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවය.