ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් අද දිවයිනට

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් අද දිවයිනට

February 7, 2025   10:31 am

මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු අද (07) දිවයිනට රැගෙන ඒමට නියමිතය.

පොලීසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් තිදෙනාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එන බවය.

ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද දැනුම්දීම මත ජාත්‍යන්තර පොලීසිය මගින් එම සැකකරුවන් සඳහා රතු නිවේදන ද නිකුත් කර තිබුණි.

අදාළ සැකකරුවන් තිදෙනා අද දින උදෑසන UL-226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතය.