CIDයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රඟ පෑ පුද්ගලයෙක් රිමාන්ඩ්
February 6, 2025 08:32 am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජ ආකාරයෙන් පෙනී සිටිමින් විවිධ පුද්ගලයින් බියගන්වා මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.
ඊට අදාළව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.